නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇරඹුම සමූපකාරයෙන්
සර්වජන ඡන්ද
ක්‍රමය මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වී අවසන්. තමන්ගේ පාලකයන් ඉන් බැහැර ක්‍රමයකින්
තෝරා ගැනෙන රටවල් ලොව ඇත්තේ අල්පයක්.
එහෙත් ඔබ
දන්නවාද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට සිය පාලකයන් තෝරා පත් කර ගැනීම මුලින් ම ඇරඹුවේ
සමූපකාර ව්‍යාපාරය විසින් බව ?
1844
දෙසැම්බර් 21 දින ලොව ප්‍රථම සමූපකාර සමිතිය නම් වෙළෙද ආයතනය බිහි වූයේ වෙනත් ව්‍යාපාරවලට
වඩා වෙනස් ආකාරයටයි. අඩු ආදායම්ලාභි පුද්ගලයින් 28 දෙනකු එක්ව සමාන කොටස් යොදා
අරඹන ලද ඒ ව්‍යාපාරය නම් කෙරුනේ The Rochdale
Society of Equitable Pioneesයනුවෙන්. ව්‍යාපාරය
ඇරඹු අය රොච්ඩේල් පුරෝගාමීන් යනුවෙන් හැඳින්වෙනවා.
රොච්ඩේල්
පුරෝගාමීන් සිය සමිතියට එකල ව්‍යවහාරයෙන් ඔවුන් දන්නා ප්‍රමාණයෙන් ව්‍යවස්ථාවක්
නිර්මාණය කළා. ඒවා රොච්ඩේල් මූලධර්ම ලෙස හැඳින්වෙනවා.
ඔවුන්ගේ
මූලධර්ම සංඛ්‍යාව අටක්. සාමාජිකත්වයට ඇතුළත් කැර ගැනීම, පාලනය සහ ව්‍යාපාරික
කටයුතු මෙහෙයවීම මේ මූලධර්ම අටේ සංක්ෂිප්ත වශයෙන් දැක්වෙනවා.
මෙයින් පළමුවැන්න
”ප්‍රජාතන්ත්‍රවාදී
පාලනය” වන අතර
දෙවැන්න ”විවෘත
සාමාජිකත්වය” ලෙස සඳහන්.
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය
යනු නිශ්චිත අර්ථ නිර්ණයක් නැති සංකල්පයක්. එහෙත් රොච්ඩේල් පුරෝගාමීන් එය තමන්ගේ
ව්‍යවස්ථාවට නොඑසේ නම් වර්තමාන භාවිතයේ ආකාරයට කියනවා නම් අභිමතාර්ථවලට ඇතුළත්
කළා.
සාමාජිකත්වය
විවෘතයි. ස්ත්‍රී - පුරුෂ භාවය, කුලය, ධනය, බලය සාමාජිකත්වය දීමේ දී සලකා බැලුවේ
නෑ. කොටස් කොපමණ මිල දී ගෙන තිබුණත් නිලධාරීන් තෝරා ගැනීමේ දී එක් පුද්ගලයකුයට හිමි වන්නේ එක් ඡන්දයක් පමණයි.
එය තමා නූතන
ප්‍රජාතන්ත්‍රවාදයේ ඇරඹුම. පසුව ලොව පුරා සංවර්ධනය වෙමින් පැතිරුණේ සමූපකාර සමිති
සිය පාලකයින් තොරා පත් කර ගැනීමට එදා උපයෝගී කරගත් ඒ පිළිවෙතයි.
එස්. නන්දලාල්
බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය නොවේ
ග්‍රීක පෞර රාජ්‍යයේ නගර ශාලාවට රැස් වූ පුරවැසියෝ පොදු
කාරණා පිළිබඳව තීරණ ගත්හ. මෙම පාලන ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් නම් එක්
අවධියක දී හඳුනා ගනු ලැබ තිබුණි.එකල පැවති ආකාරයේ පාලනයක් අද (එනම් විසි එක්වන
සියවසේ දෙවන දශකයේ) පවතින්නේ නම් අපි එය ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වමු ද?
පැහැදිලිවම අපි එසේ නොකරමු. මන්ද, ග්‍රීක පෞර රාජ්‍යයේ පාලන කටයුතු පිළිබඳ තීරණ
ගැනීම සඳහා සහභාගි වූයේ එනම්, පුරවැසියන් ලෙස සලකන ලද්දේ ජනගහණයෙන් සියයට විස්සක්
පමණ වූ පිරිසක් නිසාය. ස්ත්‍රීන්, වහලුන්, ආගන්තුකයන් සහ ඇතැම් වැඩ කරන පන්තිවල
ජනයාට පාලන කටයුතුවලට සහභාගි වීමේ අවස්ථාව අහිමි කරනු ලැබ තිබුණි.
පෞර රාජ්‍යයේ සිට නොයෙකුත් වෙනස්කම්වලට බඳුන් වෙමින්
පැමිණි ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ කාලවල දී විවිධ අර්ථ ගැන්වීම් ලබා දී ඇත. දහ හත්වන
සියවසේ දී බ්‍රිතාන්‍යයේ පැවති රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව මහජන නියෝජිතයන් මගින්
සිදු කෙරෙන පාලනය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වුණි.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම
සඳහා එයට යම් අර්ථ ගැන්වීමක් කළ යුතු වෙයි. මෙහි දී අපි මහාචාර්ය උල්ල
ටෝන්ක්විස්ට්ගේ අර්ථ ගැන්වීම යොදා ගනිමු. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පගත කර
ඇත්තේ:“පොදු කටයුතු සම්බන්ධයෙන්, දේශපාලන සමානත්වය මත පදනම්ව
සිදු කෙරෙන්නා වූ මහජන පාලනයයි” යනුවෙනි. ඔහු
සහභාගිත්වය සහ නියෝජනය (වෙනත් කරුණු අතර) ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ ලෙස හඳුනා ගෙන
ඇත. මෙම අර්ථ ගැන්වීම අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රීය අක්ෂය වනුයේ මහජන
පාලනයයි. මෙහි එක් වැදගත් ඇඟවීමක් ඇත. එනම්, යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා
මහජනතාව දේශපාලන ක්ෂේත්‍රයට ගොනු කළ යුතු බවය. මෙහි දී දේශපාලනය යන්න පුළුල්
අර්ථයෙන් යෙදෙයි. මැතිවරණ කටයුතුවල නිරත වීම පමණක් නොව ඡන්දය පාවිච්චි කිරීම සහ
පොදු කටයුතු පිළිබඳව තම මතය පළ කිරිම පවා දේශපාලන ක්‍රියාවන්ය. ශ්‍රී ලංකාවේ මැතිවරණ
කොමිෂන් සභාව නිරතුරු භාවිත කරන “ඡන්දය ඔබේ අයිතියයි” යන පාඨයට සුවිශේෂී අරුතක් ඇත්තේ එබැවිනි.
යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා සහභාගිත්වය සහ
නියෝජනය අතිශයින් වැදගත් වෙයි. ඒ සඳහා, සර්වජනඡන්ද බලය, නියමිත කාලයක දී පැවැත්විය
යුතු නිදහස් සහ සාධාරණ මැතිවරණ, බහු පක්ෂ ක්‍රමයක පැවැත්ම සහ සංවිධානය වීමේ නිදහස
ආදිය වැදගත් වෙයි. පොදු කටයුතු සම්බන්ධයෙන් මහජන පාලනයක් පැවතීමට ඒවා ඉවහල් වන
බැවිනි.
මැතිවරණයක දී දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඉදිරි වසර
කිහිපයක් සඳහා රටේ හෝ යම් ප්‍රදේශයක පාලන බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තරග වදී. තම
පාලනයට පදනම් වන්නා වූ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් වේ. නියෝජිතයන් වශයෙන් කටයුතු
කිරීමට අපේක්ෂා කරන තැනැත්තෝ මැතිවරණයට ඉදිරිපත් වෙති. ඡන්දදායකයෝ ප්‍රකාශයට පත්ව
ඇති ප්‍රතිපත්ති මෙන්ම අපේක්ෂකයාගේ සුදුසු නුසුදුසුකම් සහ කුශලතා ආදිය සලකා බලා
පාලන කටයුතු සඳහා තම නියෝජිතයන් තෝරා පත් කර ගනිති. මෙය ඉහත කී මහජන පාලනයේ ප්‍රධානතම
ආකාරයයි. මෙහි දී ජනතාව නියෝජිතයන් මගින් මහජන පාලනයට සම්බන්ධ වෙති.
තෝරා පත් කර ගනු ලැබූ නියෝජිතයෝ ඔවුනට ඡන්දය දුන් නොදුන්
සැම දෙනා වෙනුවෙන්ම පාලන කටයුතුවල නිරතවෙති. මහජන පාලනය යනු එක් පිරිසකගේ පාලනය
නොව සමස්ත ජනතාවගේම පාලනයයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ එය හුදෙක්
බහුතරයේ යහපත පමණක් උදෙසා සිදු කරන්නා වූ පාලනයක් නොවේ. ජන සමාජය තුළ නොයෙක්
ආකාරයේ බෙදීම් පවත්නා විට ඒ ගැන නිසි සැලකිල්ල යොමු නොකරමින් යම් ජන කොටස්වල යහපත
නොතකා හරිමින් එක්තරා ජන කොටසක විශ්වාසය සහ සහයෝගය පමණක් අරමුණු කර ගෙන පාලන කටයුතු
පවත්වා ගෙන ගියහොත් එහි පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
1994ට පෙර වසර පනහක පමණ කාලයක් දකුණුඅප්‍රිකාවේ පැවති
වර්ණ භේදවාදී පාලනය මේ සඳහා කදිම නිදසුනකි. එහි දී, කළු ජාතික ජන කොටස් අතිශයින්
පීඩනයට පත් කරන්නා වූ නීති ක්‍රියාත්මක කෙරුණි. සුදු ජාතිකයන් පදිංචි ප්‍රදේශවලින්
බැහැරව ජීවත් වීමට ඔවුනට බල කෙරුණි. සුදු සහ කළු ජාතිකයන් අතර විවාහ තහනම් කෙරුණි.
ඔවුන් අතර සමාජීය එකමුතුවක් ඇති විය හැකි අවස්ථා අහෝසි කෙරුණි. මෙ සියල්ල කෙරුණේ
නීතිමය රාමුවක් තුළය. එහෙත් එකී පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවුණේ එය කළු ජාතීන්ට
අගතිදායක එකක් වූ නිසාය.සමාජයේ යම් කොටසකගේ අයිතිවාසිකම් අහිමි කරනු ලබන ඔවුනට
වෙනස්කම් කරනු ලබන පාලනයක් (පාලකයන් නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වී තිබුන ද)
කිසි ලෙසකින් වත් ප්‍රජාතන්ත්‍රවාදී වන්නක් නොවේ.
බහුතර කැමැත්ත මත පත් වූ පමණින් බහුතර නියෝජිතයන්ගේ
එකඟත්වය අනුව ක්‍රියාත්මක වූ පමණින් එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යැයි කිව
නොහැකිය. එය සුළුතර ජන කොටස්වලට අගතිදායක ලෙසින් ක්‍රියාත්මක වන්නේ නම් එහි
පවතින්නේ බහුතරයේ පීඩාකාරී පාලන තන්ත්‍රයත් නැතහොත් බහුතරයේ ප්‍රජා පීඩක
පාලනයකි.ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කිසි විටෙක සුළුතරයට අගතියක් ගෙන දෙන්නා වූ
පාලනයක් නොවන්නේය. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී පාලක පක්ෂය
සුළුතරය ගැන කෙතෙක් දුරට නොසිතන්නේ ද නොතකන්නේ ද එතෙක් දුරට එම පාලනය ප්‍රජාතන්ත්‍ර
විරෝධී වෙයි.
ජන සමාජය තුළ විවිධාකාරයේ බෙදීම් ඇති විට දී මෙම තත්වය
ගැන විශේෂිත අවදානයක් යොමු කළ යුත්තේ එසේ නොවුණ හොත් සුළුතරයේ ප්‍රතිචාරය ප්‍රජාතත්ත්‍ර
විරෝධී එකක් දක්වා ව්‍යාප්ත වීමේ අනතුරක් පවත්නා බැවිනි. පාලක පක්ෂයට සුළුතරය ගැන
සිතීමට පෙළඹ වීමේ අතිශයින් සාර්ථක ක්‍රමයක් වනුයේ සුළුතරයේ නිල නියෝජනය පුළුල්
කිරීමයි. මෙය විවිධාකාරයෙන් කල හැක්කකි. සන්ධීය ක්‍රමය වැනි බලය බෙදා හැරීමේ ක්‍රම,
බහු මන්ත්‍රී ආසන පිහිටු වීම, සුළුතරය සඳහා පත් කල මන්ත්‍රී ධුර ලබා දීම, උත්තර
මන්ත්‍රී මණ්ඩලයක් පිහිටු වීම මගින් සුළු ජන කොටස්වලට වැඩි නියෝජනයක් ලබා දීම මේ
සඳහා යොදා ගෙන ඇත. කෙසේ වෙතත්, අවසන් වශයෙන්මෙම ප්‍රශ්නයට විසඳුමක් ඇත්තේ සුළුතරයට
ගරු කරන බහුතරයක් ඇති සංස්කෘතියක් තුළ පමණි.
ප්‍රසන්න ද සොයිසා..
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය ඡන්ද බලයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීමයි.
'මිනිසා උපතින්ම නිදහස්. නිදහස උත්පත්ති අයිතියක්. එලෙසින්ම මිනිසා උපතින්
කිසිවකුටත් යටත් හෝ දෙවැනි වන්නේ නැහැ. මිනිසා උපතින්ම සමානයි'
නූතන ලෝකයේ මිනිස්කම නැත්නම් මිනිස් අයිතිය, ඒ කියන්නේ
මානව හිමිකම් පදනම් වන්නේ අන්න ඒ පදනම මතයි. මිනිස්කම අර්ථවත් වෙන්නේ සෑම
හිමිකමක්ම සෑම දෙනාටම හිමිවීම මගින්.
සමාජයකට අරාජිකව පවතින්න බැහැ. ක්‍රම සහ විධි පද්ධතියක්
මගින් පිළිවෙලක් පිහිටුවා ගන්නේ නැත්නම් එවැනි සමාජයක් අවුල් ජාලාවක් බවට පත් වෙනවා.
එසේ වුවහොත් මිනිස්කමෙහි උතුම්ම දායාදය වන හිමිකම් නැතිව යනවා.අපේ උත්පත්ති අයිතීන් වන නිදහස සහ සමානාත්මතාවයට ගරු
කැරෙන වත්මන් ලෝකයේ පවත්නා වඩාම සාරවත් සමාජ සංවිධාන මෙවලම තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
එම වචනය බිදී එන්නේ ජනයා විසින් ජනයා පාලනය කිරීම යන අරුත දෙන ග්‍රීක වචනයකින්.
නමුත් ලොව පුරා පැවැති පැරණි සංස්කෘතීන් බොහොමයක වාගේ ජනයා විසින් ජනයා පාලනය කර
ගැනීමේ ලක්ෂණ පැවැත තිබෙනවා.ජනයා විසින් ජනයා පාලනය කර ගැනීමේ සංකල්පය පරිණාමනය වී
අද අප භාවිත කරන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය
ගොඩනැගී තිබෙනවා. ඊට හේතුව තමයි ලක්ෂ සංඛ්‍යාත ජනකායකට ඍජුවම සමාජය සංවිධානය කර
ගැනීම, වෙනත් වචනයකින් කියන්නේ නම් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැති
නිසා. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිසි කාල අන්තරයන්හි
පැවැත්වෙන මැතිවරණයන්හිදී ඡන්දයෙන් නිශ්චිත කාලයකට නියෝජිත- නියෝජිතවරියන්
පත් කරගැනීම මගින් ආණ්ඩුකරණය පවත්වා ගැනීමයි.
ඡන්දය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින්නේ අභේද්‍ය බැදීමක්. එකක් නැතිව අනෙක පවතින්නේ නැහැ.මුල් කාලයෙහි රාජ්‍ය පාලන නියෝජිතයින් පත්කර ගැනීමේ මැතිවරණයන්හිදී ඡන්ද බලය තිබුණේ තෝරාගත් පිරිසකට පමණයි. උදාහරණයක් විදිහට ස්ත්‍රීන්ට බොහෝ රටවල ඡන්ද බලය ලැබුණේ විශාල උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදිහට.සර්වජන ඡන්ද බලයෙන් තමයි මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මල්පල ගැන්වෙන්නේ. ඒ කියන්නේ කවුද, කොහොන්ද, කොයිවගේද නොසලකා සෑම පුරවැසියකුටම එක් ඡන්දයක් පමණක් හිමි ක්‍රමය. සර්වජන ඡන්දය කියන්නේ හැමදෙනාගේ කැමැත්ත එක සමානව ප්‍රකාශ කිරීමේ මෙවළම.ඕනෑම සමාජ පද්ධතියක සාමාජික සාමාජිකාවන්ගෙන් කවරෙකු හෝ ගන්නා තීරණයක් එම පද්ධතියටම බලපාන නිසා, එහි කොටස්කරුවන් වන හැමදෙනාටම තීරණ ගැනීම සදහා සහභාගි වීමේ අයිතිය සම සමව තිබීම අවශ්‍යයි. එයයි සර්වජන ඡන්ද බලයේ වටිනාකම.හැබැයි සර්ව ජන ඡන්දයේ නියම බලය මහජනයාට ලැබීමට නම් තවත් සාධක ගණනාවක් සම්පුර්ණවීම අවශ්‍යයි. කෙටියෙන් මැතිවරණ, නිදහස් සහ සාධාරණ විය යුතුයැයි කියන්නේ ඒ නිසයි.මැතිවරණයක් නිදහස් සහ සාධාරණ වීමට නම් ප්‍රථමයෙන්ම තමන් කැමැති නියෝජිතයා තෝරා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු මහජනයාට නිදහසේ සමානව ලැබිය යුතුයි.
මැතිවරණ අවස්ථාවෙහි ජනමාධ්‍ය භුමිකාව වැදගත් වන්නේ මෙතැනදි. ජනමාධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී භුමිකාව තමයි දැනුවත් පුරවැසියකු බිහිකිරීම. පුරවැසියා දැනුවත් නැත්නම් සර්වජන ඡන්දය අපතේ යනවා.එපමණක් නොවෙයි ඕනෑම මැතිවරණයකදී එයට ඉදිරිපත්වන සෑම දෙනාටම, සෑම දේශපාලන පක්ෂයකටම සිය ප්‍රචාරක ව්‍යාපාර සඳහා සමාන ඉඩ ප්‍රස්ථා තියෙන්න ඕන. ධනය සහ බලය නිසා කවර හෝ අපේක්ෂකයකුට හෝ පක්ෂයකට වැඩි අවස්ථා තියෙන්න බැහැ. එහෙම වුනොත් අප මුලින් කී සමානාත්මතාවය නැතිව යනවා.මැතිවරණ අවස්ථාවන්හිදී මැතිවරණ කොමිසමට මේ සියලු සාධක සමබරව තබා ගැනීමට වගකීමක් තිබෙනවා. මොකද මැතිවරණය නිදහස් සහ සාධාරණ වන්නේ එම සාධක සමබර වූ විට පමණක් නිසා. අන්න එතකොට තමයි සර්වජන ඡන්දයට හිමි නියම තැන ලැබෙන්නේ.
ඡන්දය ප්‍රකාශ කිරීම හුදෙක් නියෝජිත - නියෝජිතවරියන් පත් කරගැනීමට සීමා වූ ක්‍රියාවක් පමණක් නොවෙයි. එය සංස්කෘතියක් වෙන්න ඕන. ඒ කියන්නේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට මහජනයාට ඇති අයිතිය ලෙස තමයි එය සමාජ ගතවෙන්න ඕන.ප්‍ර
ජාතන්ත්‍රවාදය කියන්නෙත් මිනිස්කම සුරකින මෙවළම. සෑම මානව හිමිකමක්ම ඇතුළත් කරගත් දැක්මක්. සංස්කෘතියක්.ඔය විදිහට ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්ද අයිතිය විසින් සිය අදහස්වලට වටිනාකමක් ඇති බව මහජනයාට හැඟීමක් ඇති කරනවා. අපේ හිමිකම් රැකගැනීම සඳහා මෙන්ම ජිවිතය යහපත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට අපට ඒ විසින් අවස්ථාවක් උදා කර දෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට සර්වජන ඡන්දය අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ නැහැ. හරියට එකම කඹයක වෙලුම් නැත්නම් පොටවල් දෙක වාගෙයි.ඒ නිසා අපට මේ වෙලුම් දෙකම අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය ඡන්ද බලයයි; ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීමයි. කියන්නේ අන්න ඒ නිසා.

-
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරමු. -
-
සර්වජන ඡන්ද බලය සුරකිමු. -
නිදහස් මාධ්‍ය වේදියෙකු විසින් රචිත ලිපියක්